hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 19, පෙ.ව. 10:15


ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

අමාත්‍යවරයාගේ ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසටයි මෙලෙස පහර එල්ල වී ඇත්තේ.

මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැති බව සඳහන්.