hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූලි 05, පෙ.ව. 10:15


ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමි වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දින 05ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බවයි.

ඒ අනුව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වෙනවා.