hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 29, පෙ.ව. 11:22


ජනාධිපති නිල කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා අද (29) උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

උදේනි කළුතන්ත්‍රී නම් මෙම සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු වන අතර, සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා ද වනවා.