hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 10:37


පුද්ගලික බස් වැඩවර්ජනයක

මහනුවරින් ගමන් අරඹන සියළු පෞද්ගලික බස් රථවල සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන ඉල්ලා සීතාවක පෞද්ගලික බස් රථ සේවකයින් කොළඹ -රත්නපුර මාර්ගය අවිස්සාවේල්ලෙන් වසා දමා තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම ගාල්ල ප්‍රදේශයේ  බස් රථ සේවකයින්ද ධාවනයෙන් ඉවත්ව තිබෙන බවද අප වාර්තාකරු සඳහන් කළා.

මෙම ප්‍රදේශවල සහ දිවයිනේ නගර කිහිපයකම බස් රථ රියදුරන් ධාවනයෙන් මේ වනවිට ඉවත්ව තිබෙන බව සඳහන්.

ඉන්ධන ලබා නොදීමට එරෙහිව මෙම බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.