hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 11:14


භික්ෂු පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් (VIDEO)

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කිරීමත් සමගයි.

ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් අද (08) උදෑසන මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණා.

මේ වනවිට විරෝධතාවට එක්ව සිටින භික්ෂුන් වහන්සේ පොල්දූව මංසන්ධියේ බිම වාඩි වී සිටින බව වාර්තා වෙනවා.