2023 අප්‍රේල් 04, ප.ව. 5:29
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.
එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.
මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.