2022 මැයි 31, පෙ.ව. 8:50
අද(31) සහ ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56