hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 21, ප.ව. 4:18


රඹුක්කන මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු හෙට – ආරක්ෂාවත් තර කරයි

රඹුක්කන ප්‍රදේශය සහ ඒ අවට සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

රඹුක්කන සිද්ධියේදී මියගිය අයගේ අවසන් කටයුතු 22 වන සිකුරාදාට යෙදී තිබෙන බැවින් එය අවසන් වනතෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගත යුතු බවයි වැඩිදුරටත් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව මාර්තු 23 වනදා දක්වා දේවාලේගම ,රඹුක්කන ,කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලැබෙන බව සඳහන්.