hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 22, පෙ.ව. 9:12


රඹුක්කන සිද්ධිය : චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද – ත්‍රිවිධ හමුදා ආරක්ෂාවත් දෙයි

රඹුක්කන  විරෝධතාවේදී වෙඩි වැදී  මියගිය  කේ .ඩී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) සවස දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසානභූමියේදී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම දේහය භූමදාන කරන තෙක්  එම ප්‍රදේශයේ සාමය අරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ  හමුදාව යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාදෙන  ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව හෙට (23) දින දක්වා කෑගල්ල  සහ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.