hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2022 අප්‍රේල් 23, ප.ව. 12:56


රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද

රඹුක්කන  විරෝධතාවේදී වෙඩි වැදී  මියගිය  කේ .ඩී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (23) සවස දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසානභූමියේදී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම දේහය භූමදාන කරන තෙක් එම ප්‍රදේශයේ සාමය අරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව අද(23) දක්වා කෑගල්ල සහ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.