hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූනි 17, පෙ.ව. 7:46


නිල සංචාරයකට ජනපති රටින් පිටව යයි

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කලේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා.