hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 8:29


ජනපති නිවසට ගිනි තැබීමේ සිද්ධිය : තිදෙනෙකු අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල දී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන මඩපාත හා කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.