hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, ප.ව. 4:01


පාස්කු වින්දිතයන් ගොනුකළ නඩුවලින් ජනපති නිදහස්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නඩුවල තෙවන වගඋත්තරකරු ලෙස නම් කර තිබු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනපති ධූරය දරන කාලය සඳහා වගඋත්තරකාර භාවයෙන් මුදා හැරීමට කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර තිබෙනවා

ඒ රට තුළ පවතින නීතියට අනුව ජනාධිපති මුක්තිය යටතේ නඩු කටයුතු පවරා පවත්වාගෙන යා නොහැකි බව පවසමින්.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූරය අවසන් වූ පසු අධිකරණයේ අවසරය මත එම නඩුවල වගඋත්තරකරු ලෙස යළි නම් කර නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවසරය පැමිණිල්ලට පවතින බවද ඇය එම නියෝගය මගින් පෙන්වා දී තිබෙනවා.