hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 28, ප.ව. 5:44


රවීට එරෙහි බැඳුම්කර නඩු දෙකක් ගැන අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

2016 වසරේ මාර්තු මස 29 වැනිදා සහ 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකේ දී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.