2023 අගෝස්‍තු 24, පෙ.ව. 10:04
රාමඤ්ඤ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 73ක්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනු නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යාපන උපදේශක හිමි නමක ලෙස ද කටයුතු කළා.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභික ලෙස ද උන් වහන්සේ කටයුතු කර තිබෙනවා.
1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසකද තනතුරු හෙබවූවා.
විචිත්‍ර ධර්ම කථිකයකු වන පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී ස්වාමීන් වහන්සේ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.