hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 16, පෙ.ව. 11:13


බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ බත් පැකට්, රයිස්, සහ කොත්තු මිල සියයට 10කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි.

කෙසේ වෙතත්, ආප්ප ඇතුළු පිටි කෑම වල මිල ඉහළ නොදමන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ.