hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 පෙබරවාරි 18, ප.ව. 6:13


රිචඩ් ප්‍රනාන්දු සිය අනූ නව වසරක දිවි සැරියට සමුදෙයි

මෙරට මෙන්ම විදේශීය නොමද ගෞරවයට පාත්‍රවූ ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ නයිනාබදුගේ රිචර්ඩ් ප්‍රනාන්දු මහතා 2024 පෙබරවාරි මස 16 වන දින කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ මගපෙන්වීම යටතේ මෙරට පුරාවිද්‍යා කැනීම් හා සංරක්ෂණ කටයුතුවල පුරෝගාමි මෙහෙවරක් කළ එතුමන් මහා බ්‍රිතාන්‍යය තුලදී පසුකාලීනව තම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා තුලින් නොමද ගෞරවයට පාත්‍ර විය.

සමාජ සේවකයෙකු වශයෙන් ඔහු ජාති ආගම් භේදයකින් තොරව තම ආදරණීය භාර්‍යාව වූ නැසීගිය විශේෂඥ වෛද්‍ය මයිමූන් ලෙබ්බේ මහත්මිය සමග එක්ව කළ සමාජීය හා ආගමික මෙහෙවර අතිමහත්ය.

තම අනූ නව වසරක දිවි සැරිය තුළ ඔහු පෙන්වූ පරාමාදර්ශීය දිවි පැවත්ම වර්ථමාන ජාතික සංහිඳියාව උදෙසා අතිශය ආදර්ශමත් එකකි.

එතුමාගේ අවමංගල්‍යය කටයුතු එළබෙන 19 වන සදුදා දින පස්වරු 5 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතව ඇත.