hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 3:06


කොළඹ ප්‍රධාන මාර්ගයක කොටසක් වැසෙයි – විකල්ප මාර්ග මෙන්න

හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 5.00 දක්වා කාලය තුළ කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසනවා.

කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජල නළ පද්ධතිය සකස් කිරීම හේතුවෙන් එම මාර්ග කොටස වසා තැබෙන බව පොලිසිය පැවසුවේ.

එම කාලය තුළ කොළඹ සිට පැමිණෙන වාහනවලට විකල්ප මාර්ග ලෙස වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැකියි.

එමෙන්ම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කළ හැකි වෙනවා.