hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 13, ප.ව. 5:13


කොළඹ මාර්ගයක් වැසෙයි

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කොටා පාර දුම්රිය හරස් මාර්ගය ලබන 17 වැනිදා පෙරවරු 7.00 සිට ජුනි මස 18 වැනිදා පෙරවරු 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බවයි.

ඒ අනුව මෙම දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.