hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 අගෝස්‍තු 01, ප.ව. 1:01


රෝහිතගේ බෑනාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබෙනවා.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරු අද (01) දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ අනුව ධනුෂ්ක වීරක්කොඩි අද නැවතත් එම නඩු කටයුත්ත සඳහා කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් ඇප ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතාට ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: