2022 ජූලි 13, ප.ව. 1:43
මේවන විට ජාතික රූපවාහිනියේ විකාශණ කටයුුතු අත්හිටුවා තිබෙනවා.
අරගලයේ නිරත පිරිස් ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.
ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසෙනවා.
මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර තිබෙනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11