2022 ජූලි 13, ප.ව. 1:43
මේවන විට ජාතික රූපවාහිනියේ විකාශණ කටයුුතු අත්හිටුවා තිබෙනවා.
අරගලයේ නිරත පිරිස් ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.
ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසෙනවා.
මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14