hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 28, ප.ව. 2:04


රුවන් ගුණසේකරට නව පත්වීමක්

පොලිස් නීති කොට්ඨාශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර තිබෙනවා.

පසුගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා අධිකරණ ආරක්‍ෂණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ තනතුරේ මීට පෙර කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: