hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 28, ප.ව. 6:58


රුවන්ට ලොකු තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට ඔහු මෙලෙස පත් කළ බවයි.

කාබනික විමෝචනය සහ හරිතාගාර ආවරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත්තේ.