hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 16, ප.ව. 3:30


සබරගමුව සරසවිය තාවකාලිකව වසා දැමේ

පළමු වසර(2020 – 2021) හැර අනෙක් සෙසු වසරවල සිසුන්ට සබරගමුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව එම සිසුන්ට අද(16) පස්වරු 04ට පෙර එහි නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුම ඊට හේතුවයි.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 09 දෙනෙකු බලංගොඩ රෝහලට ද ඇතුළත් කෙරුණා.