hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 9:28


පාස්කු ප්‍රහාරයේ සාරාගේ සිරුර අද ගොඩ ගනී

සයින්දමරුදු බෝම්බයෙන් මිය ගිය අයගේ  DNA පරීක්ෂාව සඳහා අම්පාර සුසාන භූමියේ මිහිදන් කර ඇති එම සිරුරු අද (27) දිනයේදී ගොඩගැනීමට කල්මුණේ අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මොහොමදු හස්තුන් යන අයගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් ඒ අතර තිබේදැයි සොයා බැලීමටද නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඒ සදහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වුණා.