hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 11:38


සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.