hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 13, ප.ව. 1:03


සනත් නිශාන්ත අධිකරණයට භාර වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට භාර වී තිබෙනවා.

ඒ අනුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විත්තිකාර සනත් නිශාන්ත මහතා පෙනී සිටියා.

ඉන් අනතුරුව විත්තිකාර සනත් නිශාන්ත මහතාට තරයේ අවවාද කළ විනිසුරු මඩුල්ල මින් මතුවට සෑම දිනකම පුද්ගලිකව පෙනී සිටිය යුතු බවත් තරයේ අවවාද කර මුදාහැරීමට නියම කළා.