hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 23, ප.ව. 1:07


සනත් නිශාන්තට එරෙහි නඩුවේ දී නීතිපති කළ ඉල්ලීම

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවේ අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ කටහඩ සාම්පලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හසිනි ඕපාත මහත්මිය අද අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විටත් පසුගිය අගෝස්තු 28 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී සිදු කළ ප්‍රකාශයට අදාල හඩ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බැවින් ඔහුගේ හඩ සාම්පල ලබාගැනීමට නීතිපතිවරයා සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුසතාෆා මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නඩුව මාර්තු 28 වනදා යලි කැඳවීමට නියෝග කර තිබෙනවා.