hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 23, ප.ව. 1:54


ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්‍රාප්ත වූවා..

වසර 50 කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් ඇය කලක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය 60 සහ 70 දශක වල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූවා.

ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන ඇය ”වෙසතුරු සිරිත” චිත්‍රපටයේ ඉතා සුළු චරිතයක් රංගනය කරමින් සිංහල සිනමාවට පිවිසියා.

අනතුරුව ”බිනරමලී” චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ස්වර්ණා කහවිට මහත්මිය “රහස් දූපත”, “රෑණ ගිරව්”, “සිරිල් මල්ලි”, “රං ඔන්චිල්ලා”, “අභිරහස”, “ඔන්න බබෝ බිල්ලෝ එනවා”, “හරිම බඩු තුනක්”, “දයාබර නිලූ” ආදී චිත්‍රපට 35 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතයි.