hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 අගෝස්‍තු 05, ප.ව. 1:53


ලබන සතියේ පාසල් පැවැත්වෙන දින ගැන තීරණයක් ගනී

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දින තුනෙහි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ලබන බ්‍රහස්පතින්දා (11), නිවාඩු දිනයක් වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව යි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර, මේ මස 8 වැනි දා සිට උතුරේ සියලු ම පාසල් දින පහ පුරා ම පවත්වා ගෙන යන ලෙසත් උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මඟින් පාසල් දැනුම්වත් කර තිබෙනවා.