hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, ප.ව. 6:42


කොළඹ සහ ප්‍රධාන නගර වල පාසල් ලබන සතියෙත් වැසේ

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දන්වා ඇති බැවින් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පාසල් පවත්වාගෙන යාම පිළිබඳව යම් ගැටලුකාරි තත්වයක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.