hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 11:20


සේපාල් අමරසිංහ ගැන තීන්දුවක් ගනී

දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (14) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහි දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණය හමුවේ දැනුම්දුන්නේ සිය සේවාදායකයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමින්වහන්සේලාගෙන් සමාව අයැද සිටින බවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාටද ලිඛිතව දැනුම්දුන් බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.