hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 8:29


හිටපු කමාන්ඩෝ සෙබලෙකු STF වෙඩි පහරින් මරුට

තලංගම සිදු වූ වෙඩි තැබීමකට අදාළව පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිටපු කමාන්ඩෝ සෙබලෙක්.

පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු සොයා මෙහෙයුම් සිදුකර තිබෙනවා.

එලෙස සිදුකළ මෙහෙයුමකදීයි හංවැල්ල පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී හිටපු කමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.