2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 7:29
ජනප්‍රිය රැප් ගායකයෙකු වන ‘ශාන් පුතා’ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
ඒ ජනප්‍රිය රැප් ගායන ශිල්පි මාදව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තාට පුපුරන ද්‍රව්‍ය තොගයක් ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවයි.
පොලිසිය සඳහන් කළේ, සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැති රැප් ගායන ශිල්පියා ඉකුත් 02 වෙනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වැනි දින ද කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වුණා.
කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.
සැකකාර රැප් ගායකයා පදිංචි තවත් නිවසක් වන පිටිපන ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වලදමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබුණා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා, ශාන් පුතා නැමැති රැප් ගායකයා සමග පැමිණ තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා ලබා දුන් බවට අනාවරණය කළ තොරතුරු අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙරද ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට පත් වුණා.