hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:24


ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන (30) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: