hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14


ශෂීන්ද්‍රට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (14) නියෝග කළා.

ඒ සැකකාර අමාත්‍යවරයාට ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් සහ 50,000ක මුදල් ඇපයක් නියම කෙරුණා.

සැකකරුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද නියම කෙරුණා.

සිද්ධියට අදාළව සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබුණා.

ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ දින70ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම සහ විමර්ශන කටයුතු අවසන් අදියරේ පසුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස ඇප නියම ⁣කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: