hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 31, ප.ව. 3:17


නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරනු ඇත.

එම පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය අද (31) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් ඔහු වෙත බාර දී තිබෙනවා.

මේ දක්වා යුද්ධ හමුදාපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද එම ධුරයෙන් විශ්‍රාම යන අතර එම ධුරය සඳහා මේජර් ජෙනරල් විකුම් ලියන්ගේ මහතා පත් කර තිබෙනවා.