2023 ජනවාරි 09, ප.ව. 5:20
හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රයේදී වෙරළාරක්ෂක නිලධාරින්ට පහරදීමට උත්සහ කළ ධීවරයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධීවරයින් දෙපිරිසක් අතර අද (09) ගැටුමක් හටගෙන ඇති අතර එහිදී තත්ත්වය පාලනය කිරීමට වෙරළාරක්ෂක නිලධාරින් අහසට වෙඩි තැබීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී ධීවරයින් පිරිසක් හම්බන්තොට ධීවර වරායේ පිහිටුවා ඇති වෙරළාරක්ෂක නිලධාරින්ගේ කාර්යාලයටද පහරදී තිබෙනවා.
ධීවර බෝට්ටු දෙකක් මුහුදේ දී ගැටී ඇති අතර එය මුල්කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේ වෙරළාරක්ෂක නිලධාරින් එය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර එහිදී ධීවරයින් ඊට විරෝධය පළකර ඇති බව සඳහන්.