hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 26, ප.ව. 1:27


හෝමාගම වෙඩි තැබීමක්

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හෝමාගම පොලිසිය සඳහන් කළා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි පහර එල්ල කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර වාහන දෙකට අලාභ සිදු වී තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.

හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.