hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, ප.ව. 3:56


කතරගම වෙඩිතැබීමක්

කතරගම – පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ අද (02) සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් රෝහල්ගතකර ඇත්තේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් ලක්මාල් නොහොත් “උඩවත්තේ මංජු” නැමැත්තෙක්.

මොහු කරාතේ ගුරුවරයෙකු වන අතර පසුපස හබාගොස් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදවලට හානි සිදුව තිබෙනවා.