2023 අගෝස්‍තු 22, පෙ.ව. 8:22
රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
ඔහු රත්මලාන අරලිය නිවාස හි පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මියගොස් ඇති පුද්ගලයා වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇත.
මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47