hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 8:22


රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

ඔහු රත්මලාන අරලිය නිවාස හි පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇත.

මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.