hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 28, පෙ.ව. 9:35


ගල්කිස්සේ වෙඩි තැබීමක් – ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ ,රත්මලාන සිල්වා මාවතේ නිවසක ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.

එම නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩිතබා පළාගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවා ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එලෙස මියගොස් ඇත්තේ , රත්මලාන සිල්වා මාවතේ  පදිංචි 30 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරෙක්. 

මෙම ඝාතනය සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරයි.