hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 16, ප.ව. 8:28


ඇමැති සියඹලාපිටිය ගිය වාහනය රිය අනතුරකට ලක්වෙයි!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය පවසනවා.

අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ද තුවාල ලැබූවන් අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් දී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් කැබ් රථය ඉදිරිපස බරපතළ ලෙස අලාභ සිදු වී ඇතැයි වාර්තා වනවා.

Example Image