hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 4:49


සජබ ආසන සංවිධායකට ඇප

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි (09) වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායකවරයා අද (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ ගයාන් ද මේල් අයවයි.