hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 2:57


අලව්ව ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවෙන් ගිලිහෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ දෙදාස් විසිතුන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබෙනවා.

අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද දහ අටක් ලැබී තිබුණා.

ඊට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද නවයක් පමණයි.

අලව්ව ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසිඅට දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් පහළොස් දෙනෙකුම සිටින්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.