2023 මාර්තු 14, ප.ව. 1:53
අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරී තිබෙනවා.
2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණේ.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගෙන ඇති බව සඳහන්.
එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩ ව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නො කරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා තිබෙන බව යි වාර්තා වන්නේ.