2023 ජූනි 29, පෙ.ව. 8:27
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව අද (29) අලුයම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 – 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන මෙම ගුවන් යානය 06/28 දින රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණා.
එහෙත් මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බව තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම (Indicate) නිසා ගුවන් නියමුවා විසින් මෙම ගුවන් යානය පැය 02 යි විනාඩි 25 ක ගුවන් ගැනීමකින් අනතුරුව යළිත් ඊයේ (28) රාත්‍රී 10.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් බැස්සවීමට පියවර ගෙන තිබුණා.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙකු සිට තිබෙනවා.
එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගත් බව පැවසුවා.
කටුනායක – ටී.කේ.ජී.කපිල