2023 ජූලි 20, පෙ.ව. 8:14
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්.
විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළා.
එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 11:55