2022 අප්‍රේල් 25, පෙ.ව. 8:58
ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් හිගය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ගුරුවරුන් සහ දෙමව්පියන් විදින පිඩාවට විසදුම් ලබා දෙන ලෙස රජයට බලකරමින් ගුරුවරුන් අද (25) දින අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්රිත පාසල් වල ගුරුවරුන් ප්‍රධාන නගර වල පිහිටි තැපැල් කාර්යාල වෙත පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත විදුලි පුවත් මගින් අසනිප නිවාඩු වාර්තා කරන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.
ගුරුවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව නොදත් ඇතැම් සිසුන් පිරිසක් පාසල් වෙත පැමිණ සිටි අතර, ගුරුවරුන් (25) දින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බවට දැනගත් එම සිසුන් ආපසු නිවාස යන අයුරුද දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් සහ සේවකයින් සමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන අයුරුද අප කැමරාවේ සටහන් වුණා.
එමෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා.
වර්තමානයේ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ.
එහිදී ස්ටාලින් මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“ගුරුවරුන්ට සේවයට වාර්තාකරන්න බැහැ. ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා. අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දීමක් කළා මේ ගුරුවරුන්ට සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා.”
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41