hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 7:40


වෘත්තීය සමිති 1000ක් හෙට වර්ජනයක

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවා රැසක් හෙට (28) දිනයේදී එක් දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට නියමිතයි.

සෞඛ්‍ය, වරාය, විදුලිය, අධ්‍යාපන, තැපැල් ඇතුලු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමිනුයි.

මේ අතර වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් හෙට දහවල් 12.00ට කොටුව දුම්රියපල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතයි.